ඉකුත් සැප්තැම්බර් 3 වනදා මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීම්ට ලක්වූ “නිව් ඩයමන්ඩ්” නෞකාව මේ වන විට කල්මුණේ තුඩුවේ සිට නාවික සැතපුම් 50ක් දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ආරක්ෂිතව රඳවා ඇති බව නාවික හමුදාව පවසයි.
නෞකාව ආසන්නයෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට බාර දී තිබේ.
නාවික හමුදාව පවසන්නේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා ඇති හෙයින් අද දිනයේදී කණ්ඩායමක් නැවට ගොඩවීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.
මේ අතට නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ජින් කාමරයේ පිරී ඇති ජලය ඉවත් කිරීම සඳහා අද පෙරවරුවේ සිංගප්පූරුවේ සිට ටග් යාත්‍රාවක් නෞකාව අසලට පැමිණ තිබෙනවා.
නෞකාවේ සිදුව ඇති ඉන්දන කාන්දුව සම්භන්ධයෙන් සෙවීමට නාවික හමුදා කිමිදුම් කරුවන් අද දින නැව අසලට යාමට සැලසුම් කර තිනුනද මුහුදේ පවතින රළු ස්වභාවය හෙතුවෙන් එය සිදු නොකරන බව නාවික හමුදාව සදහන් කළා.