මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි.

0
291

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක වේ.

මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.