රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14) ආරම්භ වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන අදාළ පුහුණු වැඩසටහන දිවයින පුරා ස්ථාපිත ආරක්ෂික සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හි දී ආරම්භ කිරිමට නියමිතය.
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව යුධ හමුදාව සඳහන් කළේය.
අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහනේ පළමු අදියරේ දී උපාධිධාරින් 10,000 ක් බඳවා ගැනීමට නියමිතය.