IPL තරගාවලිය අබුඩාබියේදී අද(19) ඇරඹෙයි

0
314

IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද(19) අබුඩාබි නුවරදී ආරම්භ වීමට නියමිතයි.

අද පස්වරු 7.30 ට Mumbai Indians සහ Chennai Super Kings යන කණ්ඩායම් සමාරම්භක තරගයට එක් වනු ඇති.

කොරෝනා වෛරස් වියාප්තිය හේතුවෙන් මෙවර තරඟ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කෙරුණි.

සිව් වරක් IPL තරගාවඟාවගාවලියේ ශූරතාවය දිනූ mumbai indians කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් මත මෙවර තරගාවලියෙන් ඉවත් ව සිටී.

ලසිත් මාලිංග IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන අතර ඔහු ලබා සිටින කඩුලු සංඛ්‍යාව එක 170කි.

මෙවර IPL තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ඉසුරු උදානයි.