පිටබැද්දරදී ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කෙරේ

0
332

පිටබැද්දර, තැන්නහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සිද්ධියෙන් කාන්තාවක් ද බරපතල තුවාල ලබා ඇති බවයි.

ඇය බරපතල තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට මාරු කළ බව පොලීසිය සඳහන් කළේ ය.

ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි පිටබැද්දර පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්භන්ධයෙන් පිටබැද්දර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.