මංතීරු නීතිය කඩ කලොත් මොකද වෙන්නෙ.?

0
319

මංතීරු නීතිය අද (21) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් මෙම සතිය තුල සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය පවසයි.

කෙසේ වෙතත් මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය සඳහන් කළේ ය.

මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි.

මේ අතර මංතීරු නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අදාල අවස්තාවේදීම නීතිය ක්‍රියාත්මක නොකලද, පසුව ඔවුන් වීඩියෝ ගතකර හඳුනාගෙන අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මෙම මාද්‍ය හමුවට එක් වෙමින් නාගරික රථ වාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂ කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.