සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පන්නල ප්‍රදේශයේ පසුගියදා පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු එම ඉල්ලීම සිදු කළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඇඳිය යුතු ඇඳුම සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී දැනුම්වත් කරන බවත් මෙය නීතියක් නොව දේශිය කර්මාන්ත නගා සිටුවීමට නම් දේශීය නිර්මාණ ගැන අගයක් තිබිය යුතු බවත් ඒ මහතා පැහැදිලි කළේය.
එමෙන්ම බතික් කර්මාන්තයට ද නව මුහුණුවරක් ඇති කිරීමට කටයුතු කිරීමට ඒ සඳහා නව නිර්මාණ හඳුන්වාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.