අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවීම ලැජ්ජාවට කරුණක් – ජනපති ට්‍රම්ප්

0
311

කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ.

ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එය, “එය ලැජ්ජාවට කරුණක්” බවය.

අමෙරිකාවෙන් පළමු කොවිඩ් -19 මරණය වාර්තා වූවේ, පෙබරවාරි 29 වැනිදා ය.එදින සිට දින 54කට පසු, එනම් අප්‍රේල් 23 වැනිදා එරටින් 50,000 වැනි කොවිඩ් -19 මරණය වාර්තා විය.

එතැන් සිට, සමස්ථ මරණ ගණන 100,000 වීමට ගත වූවේ දින 29 ක් වන අතර, එතැන් සිට එය 150,000 දක්වා ඉහළ යෑමට ගත වූවේ දින 65කි.

එතැන්, සිට එරට කොවිඩ් -19 මරණ 200,000 සීමාව ඉක්මවා යෑමට ගත ව ඇත්තේ දින 55කි.

මේ වන විට ලොව පුරා වාර්තා ව ඇති කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාව 31,787,500 ඉක්මවා ඇති අතර ඉන් මිය ගිය පිරිස 975,500 කට අධික වේ. කෙසේ වෙතත් සම්පූර්ණ සුවය ලැබූවන් ගනණ 23,402,700 ඉක්මවයි.