කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වු රුසියානු ජාතිකයා අද (26) දිනයේ දී ඔහුගේ මව් රටට පිටත් කර හැරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි අදාළ රුසියානු ජාතිකයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතු වූ අතර ඒ අනුව ඔහු PCR පරීක්ෂණයකට ලක්කෙරුණි.
කෙසේවෙතත් ඊයේ (25) සවස සිදුකළ අවසන් PCR පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3345 ක් වන අතර ඉන් 3158 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව ආසාදිතයින් 174 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.