ජපානයේ සම්මානනීය නිලියක් සිය දිවි හානි කරගනී.

0
351

ජපානයේ සම්මානලාභී නිළියක් වූ යුකෝ ටකූචි ටෝකියෝ හි පිහිටි තම නිවසේදී මියගොස් ඇත. මිය යන විට ඇයට වයස අවුරුදු 40 ක්.

ඒ පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර දෙදරු මවක් වන ඇය සිය දිවි නසා ගත් බවට සැක කරන බව මාධ්‍ය වාර්තා පවසයි.

ඇයගේ සැමියා වන ජනප්‍රීය නළු තායිකි නකබයාෂි පවසා ඇතිතේ සිය දිවි නසාගෙන සිටි යූකෝගේ දේහය තම නිවසේ කාමරයක තිබී හමු වූ බවයි.

ටකූචි ජපානයේ ජනප්‍රිය නිළියක් වූ අතර ඇයගේ වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා රැසකට පෙනී සිට ඇත.

1998 දී ජපන් ත්‍රාසජනක චිත්‍රපටයක් වන රින්ගු චිත්‍රපටයේ රඟපෑම සඳහා ටකූචි මහත්මිය ප්‍රසිද්ධියක් උසුලයි.

එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක විකාශය වූ “Miss Sherlock” 2018 කතා මාලාවේ මාලාවේ ප්‍රධාන චරිතය වන ෂර්ලොක් හෝම්ස් කාන්තා චරිතය නිරූපනය කළ නිළියයි.

ඇය 2004 සිට 2007 දක්වා කාලයේ අඛණ්ඩව තෙවසරක් ජපාන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන හිමි කරගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ජපානය සියදිවි නසාගැනීම අතින් ඉහලම ස්ථානයක පසුවන අතර ටකූචි මහත්මියගේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් ලෙස තහවුරු කර නොමැත.

එහෙත් මේ මස මුලදී නිළියක වූ සේ අෂිනා, ජූලි මාසයේ නළු හරුමා මයුරා සහ මැයි මාසයේ මල්ලවපොර ශූර හනා කිමුරා ඇතුළු ජපන් දක්ෂයින් රැසකට එය මරණයට හේතුවකි.