ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මියයයි.

0
911

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.

1986 වසරේදී “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙකි.

ඔහු 1984 වසරේ දී සිනමා තිරපිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්වෙමින් ඔහුගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත්විය.

රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස් සහ සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වූ ඒ මහතා ජනප්‍රිය නළු බන්දු සමරසිංහ සමඟ එක්ව ප්‍රහසන නිර්මාණ රැසකටද දායක විය.

රංගනයෙන් මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකටම අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ මහතා දායකත්වය දක්වා තිබේ.

මියයන විට 68 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය තවමත් කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිතය.