ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය කල්යයි

0
306

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබු තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය කොවිඩ් -19 හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම තරඟාවලිය සැප්තැම්බර් – නොවැම්බර් අතර දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් එම තීරණයට එළැඹ ඇත.