අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මොරටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට දේශපාලඥයන් කළාකරුවන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටියා.
කලක සිට මෙරට සිනමාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ බන්දු-ටෙනී සුසන්යෝගයට නොසිතූ මොහොතක වෙන් වීමට සිදු වීම ගැන සංවේදී වූ බන්දු සමරසිංහ මහතා ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සියල්ලන්ම සංවේදී කළා.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (1) මොරටුව මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.