මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක – වැඩි දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක්

0
564

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ හමුවන කොරෝනා ආසාදිතයින් ගේ ශරීරගත වී තිබෙන කොරෝනා වෛරසයේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක පවතින බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ආසාදිතයෙක් තුලින් වැඩි පිරිසකට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කර සිටිනවා.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි.

මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 4000 කට අධික පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.