නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයමින් සිටි කාන්තාවක් හෘදයාබාදයකින් මියයයි.

0
263

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් පිරිසක් නිරෝධායනය සඳහා පොළොන්නරුව, වැලිකන්ද  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනයමින් සිටියදී එම බස් රථයක සිටි කාන්තාවක් ඊයේ (07) හදිසියේ මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 ලිපිනයේ පදිංචිව සිටි 68 වියැති ඒ. එම්. අරුණ කාන්ති නම් සිව් දරු මවකි.

ඒ සම්බන්ධයෙන් විමසූ විට කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම කාන්තාව හෘදයාබාදයකින් මිය ගොස් ඇති බවයි.