පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (09) අරලියගහ මන්දිරයේදී භාර දී තිබේ.
ඉන් ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.


