ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි.

0
307

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ. “සියල්ලන්ට මානසික සෞඛ්‍ය” යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විය.

මේ අතර ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ පුද්ගලයෙකුගේ මානසික පැවැත්ම ඒ අයගේ රාජකාරී සහ පෞද්ගලික ජීවිතයේ සමතුලිතතාවයට ඉවහල් වන බවය.

මානසික සෞඛ්‍ය හා සම්බන්ධ අධ්‍යාපනය සහ දැනුවත්භාවය පිළිගැනීම වෘත්තිය සේවා ලබාගැනීම සඳහා වන පහසුකම් සැමට ලබාදීම ඉතා වැදගත් වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.