2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

0
330

2021 නොබෙල් සාම ත්‍යාගය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමත් යෝජනා වී තිබෙනවා.

ඒ යුරෝපා පර්ලිමේන්තුවේ සාමාජිකාවක් වන Laura Huhtasaari විසින් නොබෙල් සාම ත්‍යාග කමිටුව වෙත ලිපියක් යොමු කරමිනි.

ට්‍රම්ප්ගේ නාමයෝජනා වන්නේ “නිමක් නැති යුද්ධවල යුගය අවසන් කිරීම, සංවාද හා සාකච්ඡා සඳහා ගැටුම්කාරී පක්ෂ දිරිගැන්වීම තුළින් සාමය ගොඩනැගීම මෙන්ම අභ්‍යන්තර සහජීවනය සහ තම රටේ ස්ථාවරත්වය තහවුරු කිරීම“ සඳහා ඔහු දැරූ උත්සාහය අගය කිරීමෙනි.

ට්‍රම්ප් 2020 සාම ත්‍යාගය සඳහා නාමයෝජනා තුනක් ලබාගෙන තිබුණි.

අවසානයේදී මෙම සම්මානය එක්සත් ජාතීන්ගේ ශාඛාවක් වන ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන ලදී.