දින 6කට පසු රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

0
231

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අද(19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , දෙහිවල ප්‍රදේශයේදී ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනිම සඳහා යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.