පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවය.