සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

0
422

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරුවේ 2019 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අන්තර් ජාලයට එක් කෙරෙනු ඇති. www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ එය පළ කිරීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවයි.

වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, නව සහ පැරණි විෂය නිර්දේශ දෙකම යටතේ පැවැත්විය.