දහම් පාසැල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
2020 වර්ෂය සඳහා බෞද්ධ දහම් පාසැල් ගුරුවරියන් හට නිල ඇඳුම් ලෙස, දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76,000ක ප්‍රමාණයක් බෙදාදීමට සැළසුම් කර ඇත.
මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 182.4කි.
මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසැල් 11,000කට අධික සංඛ්‍යාවක ගුරුවරියන් 76,000ක් පමණ සේවය කරනු ලබයි.
දිවයින පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසැල්වල සේවයේ නියුතු ගුරුවරියන්ට නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2004 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.
එම වැඩපිළිවෙළ තවත් පුළුල් කරමින් දේශීය ආර්ථිකය නගාසිටුවීමේ නව රජයේ දැක්ම යටතේ මෙසේ දේශීය නිෂ්පාදිත සාරි දහම් පාසැල් ගුරුවරියන්ට ලබාදීමට යෝජිතය.