මාතරදී සිදුවු මාරක රිය අනතුර

0
485

මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තක්කාලි ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර, ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇත.

අනතුරු සිදුවීමෙන් අනතුරුව විනාඩි 20ක පමණ කාලයක් පුරා දැරූ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ලොරි රථයේ සිරවී සිටි රියදුරු ඉවතට ගෙන ඇති අතර රියදුරු මාතර මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69ක් වු මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අනතුරින් බස්රථයේ ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙක් ද තුවාල ලබා ඇත.

මාතර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.