පාෂාණ කොටස් ගේන්න හඳට යන චීනය

0
260

සඳ මතුපිට ඇති පාෂාණ කොටස් සහ පස් සාම්පල ලබාගැනීම සඳහා චීනය විසින් අභ්‍යවකාශ යානාවක් යවා තිබේ.

රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන චේන්ජ් -5 නම් අභ්‍යවකාශ යානාව අද උදෑසන අභ්‍යවකාශගත කර ඇති අතර එය සාර්ථක වුවහොත් දෙසැම්බර් මාසයේදී නැවත පෘථිවියට ළඟාවීමට නියමිතය.

මීට වසර 40කට පමණ පෙර සඳ තරණය කළ අමෙරිකානු සහ සෝවියට් රුසියානු ගගනගාමීන් එහි පාෂාණ සහ පස් විශ්ලේෂණය සඳහා ගෙනැවිත් තිබුණි.

ඒ අනුව එවැනි ජයග්‍රහණයක් ලද තෙවැනි රට වීම චීනයේ අභිප්‍රාය වේ.