අපොස සාමාන්‍ය පෙළ කල් යයිද.?

0
256

එළඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින පැවැත්වෙන්නේද නැද්ද යන්න ඉදිරි දින කිහිපයේදී තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

අද පැවැති මධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දැනට හුදකලා කර ඇති බස්නාහිර පළාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භය තවත් පමා වන්නේ නම් ඒ ගැන සලකා බැලීමට සිදුවන බවය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විෂය නිර්දේශ පන්ති කාමර මට්ටමෙන් හෝ මාර්ගගත ක්‍රමය යටතේ මේ වනවිට කොතෙක් දුරට ආවරණයකර තිබේ ද යන්න සොයා බැලීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ඒ සඳහා ගුරුවරුන් හරහා තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද සැලසුම් කොට ඇති බවය.