ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තාක්ෂණික ක්‍රියාවලියකට යොමු කරමින් මාර්ග සංවර්ධනය කිරීම සදහා ඇස්ෆෝල්ට් තාර නිපදවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම නව නිපදවීම හරහා ඉවතලන ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන ආකාරයට යොදා ගැනීමේ පළමු පියවර හෝමාගම මීගොඩ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය සදහා එක් කරගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මගපෙන්වීම අනුව AGC Innovate පුද්ගලික සමාගම විසින් නිපදවා ඇති නව නිෂ්පාදනය භාවිතා කිරීමේ ව්‍යාපෘතිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්ක්‍රියාවට නංවයි.