ඔස්ට්‍රේලියාවට ජය ගෙනා ස්ටීව් ස්මිත්ගේ වේගවත් ශතකය

0
329

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිය වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කිරිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (27) සමත් විය.

ඒ සිඩ්නි  හිදී මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ඉන්දිය කණ්ඩායමට එරෙහිව ලකුණු 374ක් ලබා ගනිමිනි.

එම ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් ලකුණු 114ක් ලබාගත් අතර ස්ටීවන් ස්මිත් වේගවත් ශතකයක් වාර්තා කරමින් පන්දු 66 කදී ලකුණු 105ක් ලබාගත්තේය.

ස්මිත්ගේ ශතකය ඔස්ට්‍රේලියානු එක්දින පිතිකරුවෙකු ලබාගත් තෙවන වේගවත්ම ශතකය විම ද විශේෂත්වයකි.

ඩේවිඩ් වොනර් ලකුණු 69ක් සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කිරිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 308ක් ලබා ගත්හ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 66ක විශිෂ්ට ජයක් ලබා ගත් අතර තරගයේ වීරයා ස්ටීව් ස්මිත්.