නේපාල සුපිරි ක්‍රීඩක සන්දීප්ට කොවිඩ්

0
294

ලොවම හඳුනන සන්දීප් ළමිචානේ නේපාලයේ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙයි. ඔහු 20 හැවිරිදි ය.

තමාට කොවිඩ් -19 වැළඳී ඇති බව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබේ.

නොබෝ දිනකින් අරම්භවීමට නියමිත් ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරඟාවලියේ දී හොබාර්ට් හරිකේන්ස් කණ්ඩායම ට ක්‍රීඩා කිරීමට ඔහු පසුගියදා ගිවිසුම් අත්සන් කළේය.

නේපාලයේ කත්මන්ඩු නගරයේ පැවැත්වෙන නේවාසික ක්‍රිකට් පුහුණු සැසියක් අතර තුළ ඇතිවූ ශාරීරීක අපහසුතා හේතුවෙන් කළ වෛද්‍ය පරීක්ෂණයක දී ඔහුට වෛරසය වැළඳී ඇතිබව තහවුරු වී තිබේ.