සිංගප්පුරුව කෘතීම කුකුල් මස් සඳහා අනුමැතිය දෙයි.

0
296

විද්‍යාගාර තුළ වැඩි දියුණු කළ මාංශ සඳහා සිංගප්පුරුව අනුමැතිය ලබා දී තිබේ. එය ලොව ඒ ආකාරයට නිෂ්පාදනය කළ මාංශ සඳහා අනුමැතිය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඒ සඳහා ඝාතනය කළ සතුන්ගෙන් මාංශ ලබාගෙන නොමැත.   

මෙම තීරණය හේතුවෙන් “ඊට් ජස්ට්” නම් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය මූලස්ථානය කරගත් සමාගමට විද්‍යාගාර තත්ත්ව යටතේ වැඩි දියුණු කළ කුකුල් මස් විකිණීමට අනුමැතිය හිමිවිය.  

සෞඛ්‍ය කරුණු, පාරිසරික හේතු සහ සත්ත්ව සුභසාධනය හේතුවෙන් සත්ත්ව මාංශ වෙනුවට භාවිත කළහැකි වෙනත් දේ සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි.