ඉන්දු – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරඟයේ ජය ඉන්දියාවට

0
287

කැන්බරා හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරඟයෙන් ඔස්ට්‍රේලියාව පරදවා ලකුණු 13ක තියුණු ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. 

නමුත් තරඟ 3න් සමන්විත තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම තම ඕවර 50දී කඩුලු 5ක් දැවී ලකුණු 302ක් රස කළේය.

නායක විරාත් කෝලි ලකුණු 63යි.

හර්තික් පාන්ඩ්යා  නොදැවී ලකුණු 92ක් රැස්කළ අතර රවින්ද්‍ර ජඩේජා නොදැවී රැස්කළ ලකුණු ගණන 66කි.

ඊට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 289ක් රැස්කළේය.

ආරොන් ෆින්ච් ලකුණු 75යි. ග්ලෙන් මැක්ස්වෙල් රැස්කළ ලකුණු ගණන 59කි.

පන්දු යැවීමෙන් ශර්ඩුල් තකූර් කඩුලු 3ක් ලබාගත්තේය.