උත්සව සමයේ සංචරණය සීමා කරන්න
සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

0
266
එළඹෙන උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා එය පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවය.

ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්ත වීමට එක් හේතුවක් වූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.