ඔන්ලයින් ඉගෙන ගන්න පාරට ආපු දරුවන්ට 4G ලැබුණු හැටි

0
400

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. 

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී අදාළ සන්නිවේදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය විය.

ඒ පිළිබඳ අවධානය යොමුකරමින් විදුලි සංදේශ නියාමන කොමිසම අදාළ ප්‍රදේශයට සති දෙකක් තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.