Uber Eats ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි.
වර්ධනයට සමගාමීව එහි ප්‍රතිඵල සාමූහිකව භුක්ති විඳීමට අවස්ථාව තිබිය යුතු බව Uber Eats විශ්වාස කරයි. තම පාරිභෝගිකයන්ට ප්‍රණීත ආහාරපාන පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන අතරම, ආපනශාලාවලටත්, ආහාරපාන ගෙනගොස් භාරදීම සඳහා තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කුරියර් සේවා හවුල්කරුවන්ටත් දියුණුවේ මංපෙත් විවර කරදීම සඳහා Uber Eats කවදත් කටයුතු කරනුයේ එබැවිනි.
සියලුම තරාතිරම්වලට අයත් පුද්ගලයන්ට තමන් කැමති ආකාරයට ආහාරපාන තෝරාගෙන රසවිඳීමේ අවස්ථාව ලබාදීමට Uber Eats සමත් වී ඇත. එමෙන්ම පසුගිය වසරක කාලය තුළ 8000 කට අධික කුරියර් සේවා හවුල්කරුවන් පිරිසක් Uber Eats සමග එක්වී සිටිති. මේ වනවිට Uber Eats සේවාව කොළඹ, මහනුවර, මීගමුව සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.