සෑම තත්පර 30කට ම වරක් අමෙරිකාවේ කොවිඩ් මරණයක්

0
272

හෘද රෝග අබිබවා යමින් අමෙරිකාව තුළ සිදුවන මරණවලට ප්‍රධාන හේතුව කොවිඩ් රෝගය බවට මේ වනවිට පත්වී තිබේ.

කොවිඩ් හේතුවෙන්  සෑම තත්පර 30කට වරක් අමෙරිකානුවෙක් මියයන බවද සඳහන් වේ.

අඛණ්ඩව සිව්වැනි දිනටත් අමෙරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

නව මරණ ගණන දැක්වුණේ 2,251 ක් ලෙසිනි.

දෙසැම්බර් මාසයේ පළමු දින 5 තුළ එරටින් නව ආසාදිතයන් මිලියනයකට වැඩි පිරිසක්  හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

පවතින තත්ත්වය හමුවේ රට පුරා රෝහල් දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.