LPL තරගාවලියේ පළමුව කඩුලු 05 දවා ගත් මොහොමඩ් අමීර් ගාල්ලට ජය ගෙන එයි.

0
434

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කඩුලූ 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක මොහොමඕ අමීර් අද වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ, කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද පැවැත්වූ තරගයේදී ලකුණු 26 කට කඩලූ 5ක් දවා ගනිමින්.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදි සියල්ලන් දැවී ලකුණු 171 ක් රැස් කළා.

ලකුණු 171 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17 පන්දු 3ක් අවසානයේ කඩුලූ 02 ක් පමණක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින් තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.

තරඟයේ වීරයා මොහොමඩ් අමීර්.