රෑට ගෙවල් වලට එන නිරුවත් හොරා

0
451

කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසක අලුයම් කාලයේ, නිවැසියන් නිදා සිටියදී නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි ගෘහ භාණ්ඩ සොරකම් කරගෙන යන ආකාරය නිවසේ සවිකර තිබූ CCTV කැමරාවල පටිගත වී තිබුණි.

ඊයේ (06) අලුයම 4.30ට පමණ නිවසේ පිටතින් ජනේලයක් විවෘතකර අදාළ සැකකරු නිරුවතින් නිවසට ඇතුළු වී ගෘහ භාණ්ඩ සොරකම් කරන අයුරු මෙලෙස පටිගත වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.