ත්‍රිකුණාමලය – තඹලගමුවේදී සිදුවු මාරක රිය අනතුර

0
589

ත්‍රිකුණාමලය – තඹලගමුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයින් දෙදෙනා 35 සහ 38 හැවිරිදි වියේ පසුවන දිවුලපිටිය සහ මුන්දලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු අද කන්තලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.