මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප‍්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා.
ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මන්නාරම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා.
මෙරට තුළ සුළං බලාගාර පැවතුණද ඒවා පෞද්ගලික අංශයට අයත් වන අතර, ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වනවා.
මෙම ව්‍යාපෘතිය මගින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී වසර 20 ක් තුළ ඞීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි කරගත හැකි බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පෙන්වා දුන්නා.
මෙම බලාගාරයෙන් පමණක් මෙගා වොට් 100 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් වන අතර එම නිසා වර්ෂයකට මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03ක කාබන්ඩයොක්සයිඩ් පරිසරයට එකතු වීම වැලකෙනවා.