කොවිඩ් හෙළ ඔසුව ජනතාවට නොමිලේ බෙදයි

0
388

කෑගල්ලේ වෙදමහතෙකු විසින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය අද (08) පළමුවරට ජනතාවට බෙදා දී තිබේ.

ඒ අනුව, එය නොමිලේ ලබාදීමට කටයුතුකර තිබුණි.

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසන්නේ එම ඖෂධයට කොවිඩ් -19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවය. 

ඖෂධය ලබාගැනීම සඳහා අද අලුයම් කාලයේ සිට වෙද මහතාගේ නිවස අසල දක්නට ලැබුණේ දිගු පෝලිමකි.