සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය ක්‍රියාත්මක කිරීම පිණිස මේ වන විට ශක්‍යතා අධ්‍යයනය, ඉඩම් වෙන් කිරීම, පාරිසරික ඇගයීම වැනි අවශ්‍ය මූලික පියවරයන් ගනු ලැබ ඇත.
එම බලාගාරය සංවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ මූල්‍ය විශ්ලේෂණයක් සිදු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලැබී තිබේ.
සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සහිතව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි විවිධ ධාරිතා අවස්ථා අනුව විදුලි ඒකකයක් ජනනය සහ සම්ප්‍රේෂණය සඳහා අවම විදුලිය මිල දී ගැනීමේ ගාස්තුවක් ලබා ගැනීමට නම් මෙගාවොට් 100ක තනි බලාගාරය සහ සම්ප්‍රේෂණ පහසුකම් එක් ප්‍රසම්පාදනයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව එකී විශ්ලේෂණයේදී තහවුරු වී ඇත.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය පුද්ගලික අංශයේ ආයෝජන මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා සම්ප්‍රේෂණ බලපත්‍රලාභියා වන ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටත්, එකී ව්‍යාපෘතිය යටතේ මැදගම සිට අම්පාර දක්වා වන රැහැන් මාර්ගය ඉදිකිරීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කිරීමටත් විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.