මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

0
398

මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය අද (08) වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

එම මරණය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා විය.

නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මිය යන විට එම බිළිදාට දින 20ක් බව සෞඛ්‍ය අංශ පැවසූහ.

තොටළඟ ප්‍රදේශයේ දින 20 ක් වයසැති එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.

එම බිළිඳා දැඩිලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බවය.

එම බිළිඳා අද (08) මියගොස් ඇති අතර බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනාවරණ වි ඇති බව රෝහල් බලධාරීන් පැවසීය.