මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කෙරේ

0
246

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සඳහන් කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) හා 103 (1) යන ව්‍යවස්ථාවන්ට අනුව ජනාධිපතිවරයා විසින් එම පතිකිරීම් සිදුකළ බවයි.

මේ අනුව එම නම් මෙසේයි

නිමල් ජී.පුංචිහේවා මහතා – සභාපති හා සාමාජික
එම්.එම්.මොහොමඩ් මහතා – සාමාජික
එස්.බී දිවාරත්න මහතා – සාමාජික
කේ.පී.පී පතිරණ මහතා – සාමාජික
ජීවන් ත්‍යාගරාජා මහතා – සාමාජික

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සඳහා පත්කර ඇති සාමාජිකයන් හෙට (10) දිනයේ රාජකාරි ඇරඹීමට නියමිත බවද වාර්තාවේ.