කාත්තන්කුඩි පොලිසියේ කොස්තාපල්වරයෙක් ඝාතනය කෙරේ

0
315

කාත්තන්කුඩි පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තුවේදී ඝාතනය කර තිබේ.

අක්කරපත්තු පොලිස් වසමේ, පාලමුනේ ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රී දී ඇති වු සිද්ධියක දී පොලිස් කොස්තාපල්වරයා මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි පොලිස් නිලධාරියෙක් වන බවත් ඔහු රාජකාරිය නිමකර ඇති අවස්ථාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම පොලිස් කොස්තාපල්වරයාගේ ඥාතියෙක් වන බවද සඳහන් වේ.

ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය අද (10) දිනයේ දී සිදුකිරීමට නියමිතය.