LPL අවසන් පූර්ව වටය අද සිට

0
323

ලන්කා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා.

ඒ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමි වූ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

එම තරගය අද රාතී‍්‍ර 07:30 ට ආරම්භ වනවා. 

මූලික වටයේදී දෙපිලම තරග 08 බැගින් එක් වූ අතර එහිදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරග 06 ක් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 2ක් ජය ගත්තා. මූලික වටයේදී දෙපිල අතර තරග දෙකක් පැවති අතර එහිදී දෙපිලම එක් තරගය බැගින් ජය ගැනීමට සමත් වුණා.
මේ අතර දෙවන අවසන් පූර්ව තරඟය හෙට (14) ජැෆ්නා ස්ටෑලියන් හා දඹුල්ල වයිකින්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.