ධනංජය ලක්ෂාන් ගාල්ලට ජය ගෙන එයි.
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

0
396

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

ලකුණු 151 ක ඉලක්කයක් හඹා යන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී අවසන් මහ තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේය.

කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

දිනේෂ් චන්දිමාල් සහ ළහිරු උදාර කලම්බො කිංග්ස් ඉනිම ආරම්භ කළේය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 3කට සීමා වූයේ උදාර එක් ලකුණකට පිටියෙන් ඉවත් වීමත් සමගිනි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 14කට දැවී ගියේය.

පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමා පසුකිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් ලකුණු 70ක් රැස් කළේය.

ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් ලබා ගත් අතර නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් ලබා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බො කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් රැස් කළේය.

නොදැවී රැස්කරගත් ලකුණු 31 ක් සහ කලම්බො කිංග්ස් කණ්ඩායමේ කඬුලු 2ක් දවා ගත් ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා විය.