වාලච්චේන පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා යන අතරේ ඒ එහි දේපළ සොරාගත් 4දෙනෙකු වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් එම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ඉකුත් 12 වැනි දින ඉන් පිටව යන අතර ඒ මෙම භාණ්ඩ ද සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මොවුන් කොම්පඤ්ඤවීදිය සහ මස්කෙළියේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි
වාලච්චේන පොලිසිය ට ලැබුණු තොරතුරු අනුව මෙම සැකකරුවන් සිව්දෙනා වාලච්චේනිය දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මාසයේ 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.