කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර මිහිදන්
කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත
දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත විය.
පසුව පොලීසිය පැමිණ, විරෝධතාවයේ නිරත එම පුද්ගලයාට කරුණු පැහැදිළි කර දී පොලිස් භාරයට ගැනීමට කටයුතු කළේය.
අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුණු ඔවු දෑත් වනමින් අහස දෙසට දෑත්
දිගුකර යාඥා කරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා සිටි.
කොරෝනා වසංගතයේ පැතිරීම නිසා මාලිගාවත්ත පොලිස් වසම මේ වන විට හුදකලා කර පවතී.