තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14) රාත්‍රී සමත් විය.
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ක්‍රීඩකයෝ ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කිරීමට සමත් වූහ.
පළමු අවසන් පූර්ව තරගය ජය ගත්තේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
ඒ අනුව පළමු LPL කිරුළ වෙනුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර අවසන් මහා තරගය සූරියවැවදී බදාදා (16) රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.