මැතිව්ස්ට දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය අහිමි වෙයි

0
259

ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙණ දකුණු අප්‍රිකා තරග සංචාරය අහිමි වී ඇති බව වාර්තා වෙයි.

ඒ, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) දී ඔහු මුහුණ දුන් දකුණු පාදයේ ආබාධය හේතුවෙන්.

ආබාධය හේතුවෙන් මැතිව්ස්ට ඉරිදා (13) පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී යැවිය හැකි වූයේ පන්දුවාර 3.1ක් පමණයි.

අනතුරුව පන්දු රැකීමෙන් ද ඔහුට ඉවත් වීමට සිදුවිය.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 17 වනදා දිවයිනෙන් පිටව යන අතර, පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.