විශේෂ දවස් අමතක වෙනව නම් මෙයින් මුද්දක් ගන්න

0
333

අමතක වූ සංවත්සරයක් සම්බන්ධතාවයකට විශාල කැලලක් එක් කළ හැකිය. සමහර පුත්ගලයන් දින දර්ශන ඇඟවීමක් සකසන නමුත් අමතකවීම වැඩ අධික වීම නිසා විය හැකිය.

එම පුද්ගලයින්ට මතක තබා ගැනීමේ මුද්දක් අවශ්‍ය විය හැකිය, ඇලස්කාවේ ස්වර්ණාභරණ සංකල්පයක් වන සංවත්සර මුද්ද සංවත්සරය ළඟා වෙත්ම එය උණුසුම් වන ලෙස සකසා ඇත.

මෙම මුද්ද සැලසුම් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංවත්සරය පිළිබඳව පැය 24 පුරා දැනුම් දීමක් සඳහා ය.

මුදුව මිලදී ගන්නන්ගෙන් සමාගම වැඩියෙන්ම අමතක වන දිනය අසා එය මෙමෙ මුද්දට ප්‍රෝග්‍රෑම් කරන අතර සංවත්සර දිනයට පෙර සෑම පැයකට  තත්පර 10 ක් රත් වන අතර එය සෙල්සියස් අංශක 48කට රත් වේ.

මෙහි විශේෂත්වය වන්නේ ශරීරයේ ඇතිවන තාපයෙන් මෙහි බැටරිය ආරෝපනය වන අතර කිසිදිනෙක අක්‍රීය නොවීමයි